ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය බරපතල ගැටළු මතුකරයි – චන්දිම වීරක්කොඩි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16  කල්ලිය සමඟ කටයුතු කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වන විට ගැටළු රාශියක් මතුව ඇති බව  ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. සියලු දෙනාගේ එකගතාවයෙන් කටයුතු කලයුතු බවට එකගතාවයකට පැමිණියද ජයසේකර මහතා වෙනත් ගමනක් යමින් සිටින බව වීරක්කොඩි මහතා ප්‍රකාශ කරයි. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිම වීරක්කොඩි මහතා මෙම අදහස් පළ කර තිබේ.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ කැමැත අනුව ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.