ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනපතිවරණයට ශිරන්තිව ඉදිරිපත් කරනවාද.? මාධ්‍යවේදීන් නැගූ පැනයට මහින්දට මළපනී..!

ජනපතිවරණයට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කරන බව පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලබාදුන් පිළිතුරේ ස්වභාවය අනුව තම පාලන සමය තුළ සිටි මාධ්‍ය බියගන්වා නිහඬ කළ  ජනාධිපති  මහින්ද  සිහිවූ බව මාධ්‍යවේදීන් සඳහන් කරයි.

එහිදී අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති සඳහන් කර ඇත්තේ ” පිස්සු පිස්සු කතා කරන්න එපා…”යනුවෙන් ඉතා කේන්තියෙන් පිලිතුරුදී ඇති අතර මෘධ්‍යවේදීන් ඉන්පසුව තවදුරටත් ප්‍රශ්ණ ඇසීම පවා නවතා දමන ලදි.

මාධ්‍ය වාර්තා පළවූ සිදුවීමක් සම්බන්ධව මෙවැනි පිළිතුරක් තමන් කොහෙත්ම අපේක්ෂා නොකළ බවත් පිළිතුර ලබාදුන් ආකාරයෙන්   පාලන බලය නොමැති පසුබිමක ඔහුට මෙතරම් කේන්තියක් යනවා නම් නැවත බලය ලැබුණහොත් කෙසේ කටයුතු කරනු ඇතිදැයි සාධාරණ බියක් තමන්ට දැනුණු බවද ඔවුන් සඳහන් කරයි.

මෙම සංවාදය හිටපු ජනාධිපතිවරයා සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූයේ “හෙට දිනයේ පළමු නඩු කටයුත්ත විභාගයට ගැනෙන විශේෂ අධිකරණය පිහිටුවා ඇත්තේ, දේශපාලනික අවශ්‍යතාව මත බව” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසූ අවස්ථාවේය.

ඒ  අද (15) පිළියන්දලදී ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

මෙහිදී මාධ්‍යවේදීන් තවදුරටත් හිටපු ජනපතිවරයාගෙන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේ ය.

මාධ්‍යවේදියා : නෑ නෑ නෑ මාධ්‍ය වාර්ථා පලකළා ශිරන්ති මහත්මිය ජනාධිපතිවරයට ඉදිරිපත් වෙනවා කියලා

මෙහිදී ඉදිරි ජනපතිවරණයට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කරන බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් නැගූ පැනයට හිටපු ජනපති ලබා දුන්නේ මෙවන් පිළිතුරුකි.

” පිස්සු පිස්සු කතා කරන්න එපා…”