සිළුමිණ සහ රැස ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් සමුගනී
මෙරට ප්‍රමුඛතම ජාතික පුවත්පතක් වන සිළුමිණ ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතා දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වේ. මියයන විට ඔහු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය.
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් ලේක්හවුස් ආයතන පැවැත්වූ මිහින්තලා ආලෝක පූජාවට සහභාගිවෙමින් සිටියදී චාමර ලක්ෂාන් මහතා හදිසි අනතුරකට ලක් වූ අතර පසුගිය දින කිහිපය තුළ ඔහු බරපතල තත්වයේ පසුවිය.
මාස කිහිපයකට පෙර ලේක්හවුස් ආයතනය ආරම්භ කළ රැස දිනපතා පුවත්පතේ ආරම්භක කර්තෘවරයා ලෙස කටයුතු කළ ඒ මහතා මාසයකට පමණ ඉහතදී සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ද පත් කෙරිණි.