ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්දගේ චීන ගනුදෙනු ගැන තවත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා – නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ ආන්දෝලනයට තුඩු දුන් වාර්තාවක් නිකුත් කළ ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනියුක්ත මාධ්‍යවේදීනිය තවත් අනාවරණයක් සිදු කර තිබෙනවා. ඒ සිය පෞද්ගලික ට්ටිවර් ගිණුමෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

එමගින් ඇය පවසන්නේ චීනය මගින් ශී‍්‍ර ලංකාවට ඉක්මන් ණය පහසුකම් සලසා දුන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් කරුණු අනාවරණය කර ගනිමින් සිටන බවයි.

වරාය ඉදිකිරීම් වැනි මහාපරිමාණ ව්‍යාපෘති සඳහා ණය මුදලක් අවශ්‍ය වූ සෑම අවස්ථාවකදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරයේ සිය සමීපතම හිතමිතුරා වූ චීනය දෙසට හැරුනු බවයි ඇය පවසන්නේ. ඒ අනුව චීනයද හිටපු ජනාධිපතිවරයා හට ඉක්මන් ණය ප‍්‍රධානයන් සිදු කර ඇතැයි එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ඉන්දියාව වැනි සමීපතම රාජ්‍යන්ගේ විරෝධතා මධ්‍යයේ වුවද හිටපු ජනාධිපතිවරයා ණය මුදල් ලබා ගෙන ඇති බවත් ව්‍යාපෘතිවල ඇතැම් පියවරන් අසාර්ථක වූ බවත් එම අනාවරණයන් හි සඳහන්. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පළවූ අනාවැකි සඵල කරමින් චීනය මගින් සිදු කළ එහි ඇතැම් කටයුතු අසාර්ථක වූ බවත් ඇය පවසනවා. කාර්යය බහුල මුහුදු මාවතක් වුවද හම්බන්තොට වරාය පසුකර ජාත්‍යන්තර නැව් රැසක් ගමන් කර ඇති බවයි ඇගේ වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගෝලබාලයන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මඩ පත්තරයක් බවට ලඝු කොට ඔවුන් ඉදිරිපත්කරන චෝදනා වලින් පැන යාමට උත්සාහ කලත් රාජපක්ෂලාගේ කෙරුවාව සාක්ෂි සහිතව මේ වනවිට ජාත්‍යන්තරය පුරා පැතිරයමින් පවතී රාජපක්ෂ ගෝත්‍රිකයින් ඔවුන් කියනා ඕනෑම දෙයක් පිළිගත්තද බුද්දිමත් ජනතාව සත්‍ය කුමක්ද යන්න තේරුම් ගෙන හමාරය.