කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකත් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තා – අසාද් සාලි [VIDEO]
පපෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානයකටද චෙක්පත් මාර්ගයෙන් මුදල් ලබා දී ඇති බව ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලි සදහන් කරයි. එම චෙක්පත් මුදල් බවට මාරු කර දී ඇත්තේ අගමැති රනිල් වුක්රමසිංහගේ ආරක්ෂක නිලධාරීන් විසින් යයිද ඔහු පවසයි. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අද(29) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.
ඇලෝසියස්ගෙන් මුදල් නොගත්තේ නම් ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් ප්‍රසිද්ධියේ පවසන්නැයි තමන් නගරාධිපතිනියට අභියෝග කරන බවද ඔහු කියා සිටී.
අසාද් සාලිගෙන් රෝසි සේනානායකට අභියෝගයක්