ශ්‍රී ලංකා මහ බැංකුව ‘මහ බැංකු වාර්තාව’ වෙනස් කරලා – වසන්ත සමරසිංහ
මහ බැංකුව විසින් රටේ ජාතික ආදායම ගණනය කිරීමේ දී 2017 මුල් කාර්තුවේ ජාතික ආදායම වටිනාකම වූ බිලියන 2,164.7, බිලියන 2,154 ක් ලෙසින් ගණනය කර ඇති බවත්, මෙලෙස බිලියන 10 ක් අඩුවෙන් ගණනය කිරීම නිසා ආර්ථික වර්ධනය දශම 5 කින් ඉහළ ගොස් ඇති බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඊයේ(25) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළ අතර තමන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් ගත් ලේඛනවල මෙලෙස සටහන් වන බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී හෙළිදරව් කළේය.