පළාත් සභා මැතිවරණය ගැන කතා කරන්න මැකෝ පක්ෂ ලේකම්වරු අද කැදවයි.
පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීම පිළිබඳ දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(26) පැවැත් වීමට නියමිතයි. අද(26) උදෑසන 10.00ට මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි.
අදාළ සාකච්ඡාව වට දෙකක් යටතේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව මෙහි පළමු අදියර යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව මෙරට ලියාපදිංචි සෙසු දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාව පැවැත්වෙනු ඇති.
මෙහිදි පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමුකරමින් සාකච්ඡා පැවැත්වෙන බව ද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මීට අමතරව දැනට සිදුකෙරෙන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති.