පරිහරණයට ගතනොහැකි ගොඩනැගිල්ලකට සාගර විශ්වවිද්‍යාලය කෝටි තුනහමාරක් ගෙවලා.
සාගර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා වර්ග අඩි 25000කින් යුත් ගොඩනැගිල්ලක් ලබා ගැනීම සඳහා ලද අනුමැතිය මත ටෙන්ඩර් කැඳවා ඇති අතර එම ටෙන්ඩරයේ ප්‍රධාන කොන්දේසියක් වී ඇත්තේ විශ්වවිද්‍යාලයට කිලෝමීටරයක් තුළ අදාළ දේපළ පිහිටා තිබිය යුතු බවය.
එමෙන්ම 2017 අගෝස්තු මාසයේදී දේශන ආරම්භ කරනු ලබන විට අදාළ ගොඩනැගිල්ල විශ්වවිද්‍යාලයට ලබා දිය යුතු බවද එම ටෙන්ඩර් කොන්දේසිවල සඳහන් විය. මෙම ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය ලෙස රුපියල් ලක්ෂ 23ක් ගිවිසුම් ගත කර ගෙන තිබේ.
ඒ අනුව මසකට ගෙවිය යුතු මුදලින් අඩක් බැගින් වසර දෙකක් යනතුරු ගෙවීමට එකඟ වී ඇත්තේ අත්තිකාරම් මුදලින් ඉතිරි මුදල ගෙවී යන පරිදිය. එහෙත් ගිවිසුම් අත්සන් කරන අවස්ථාව වන විටත් මේ ගොඩනැගිල්ලේ ඉහළ මහල් ඉදි කර නොතිබූ අතර එවන් තත්ත්වයක් මත වුවත් රුපියල් දෙකෝටි හැත්තෑහය ලක්ෂයක් ඒ වෙනුවෙන් අත්තිකාරම් ලෙස ගෙවා ඇත. අත්තිකාරම් ගෙවා පසුව අදාළ ගොඩනැගිල්ල විශ්වවිද්‍යාලයට බාර දී නොමැති තත්ත්වයක් තුළ වුවත් රාජ්‍ය මූල්‍ය ක්‍රමවේදය උල්ලංඝනය කරමින් මාසික කුලී ගාස්තු වලින් අඩක් දිගින් දිගටම ගෙවා ඇති බව වාර්තා වේ.