ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බැඳුම්කර වාර්තාවේ රහස්‍ය තොරතුරු හෙළිකිරීමට නොහැකි බව නීතිපති කියයි.

දූෂිත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ සමහර කරුණු හෙළිකළ නොහැකි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම් වරයා වෙත දැනුම් දී තිබේ. මේ අනුව අදාල කොමිසම සිදුකළ විමර්ශනයේදී සෙයාගත් සංවේදී තොරතුරු  සහ රහස්‍ය ලිපි ලේඛන පාර්ලිමේන්තුව වෙත ලබාදීමට නොහැකි බවයි නීතිපතිවරයා ජනාධිපති ලේකම් වරයා වෙත අද(24) දැනුම් දී ඇත්තේ.
බැඳුම්කරු සිද්ධියේ සැකකරුවන්ගෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ හෙළිවීමත් සමග කොමිසමේ වාර්තාවට ඇතුළත් සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු බවට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් විය. කෙසේ වෙතත් නීතිපතිවරයා පවසන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි ලිපි ලේඛන වර්ග තුනක් තිබෙන බවයි. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට හානියක් සිදුවිය හැකි යැයි නිගමනය කළහැකි වාර්තා, මහ බැංකුව විසින් කොමිසම හමුවේ ඉදිරිපත් කළ රහස්‍ය වාර්තා සහ බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් විවිධ පුද්ගලයන් ඉදිරිපත් කළ ලිපි ලේඛන ප්‍රසිද්ධියට පත්කළ නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් ඉහත කී වර්ග තුනට අයත් නොවන සියලු ලිපි ලේඛන, වාර්තා පාර්ලිමේන්තුවට ලබාදිය හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ. ඇතැම් ඇමුණුම් කිහිපයක් ප්‍රසිද්ධ කිරිමෙන්, විමර්ශනවලට කිසිඳු බාධාවක් නොවන බව ද අදාළ ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයා සඳහන් කළේය.

වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරිම සම්බන්ධයෙන්, නීතිපති උපදෙස් සහිත එම ලිපිය පසුගිය සිකුරාදා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාට යොමු කර තිබේ.

නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, මහ බැංකු බැදුම්කර ගනුදෙනුවට අදාළව සිදු කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන වලදී අනාවරණ වන කරුණු සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් ඇති බව ය.