ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සයිටම් සිසුන් 982ක් කොතලාවලට – පනත පාර්ලිමේන්තුවේදී සම්මතවෙයි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශීෂ්‍ය ශිෂ්‍යාවන් 982 දෙනෙකු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (20)  සංශෝධන සහිතව සම්මත විය. පනත් කෙටුම් පත උසස් අධ්‍යපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ  මහතා විසින්  විවාදය සඳහා ඉදිරිපත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වු  උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සයිටම් සිසුන් කොතලාවල පීඨයට ඇතුළත් කළ පසු සයිටම් වෛද්‍ය පීඨය සම්පූර්ණයෙන්ම අහෝසි වන බව ප්‍රකාශ කළේය. ඒ ආයතනයට මින් පසු වෛද්‍ය උපාධිය නිකුත් කළ නොහැකි බව කී ඇමතිවරයා ඊට අදාළ වගන්ති මේ පනත් කෙටුම්පතට ඇතුළත් කළ බවද පැවසීය.