එංගලන්තය එක්දින තරඟ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ලකුණු 481ක් වාර්තා කරයි.
එක්දින තරගයකදි කණ්ඩායමක් රැස් කල වැඩිම ලකුණු සංඛයාවේ සිය වාර්තාව අලුත් කිරිමට එංගලන්ත කණ්ඩායම ඊයේ(19) සමත් විය. සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග එංගලන්තයේ නොටින්ගහැම්හිදි මෙ වන විට පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදි කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු අාරාධනයෙන් පළමුවට පන්දුවට පහරදුන්, එංගලන්ත කණ්ඩායම කඩුලු 06 ක් පමණක් දැවි සිය පන්දුවාර 50 අවසානයේ ලකුණු 481 ක් රැස් කරගනිමින් මෙම වාර්තා අලුත් කිරිමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 09 ක් දැවි ලකුණු 443 ලබාගනිමින් 2006 වසරේදී පිහිටුවා තිබු වාර්තාව බිද දමමින් , 2016 වසරේදි පාකිස්තාන කණ්ඩායම එරෙහිව කඩුලු 03 ක් පමණක් දැවි ලකුණු 444 ක් ලබා ගනිමින් මෙම ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවේද එංගලන්ත කණ්ඩායමයි.
නියමිත පන්දු වාර 50 අවසානයේදී එංගලන්තය කඩුලු 06ක් දැවී ලකුණු 481ක් ලබාගනිමින් ලෝක වාර්තාව තැබූ අතර එහිදී ඇලෙක්ස් හේයර්ස් පන්දු 92කදී ලකුණු 147ක්ද, බේස්ටෝව් පන්දු 92 ලකුණු 139ක් ද රැස් කළේය. ඉයන් මෝගන් පන්දු 30කදී ලකුණු 67ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 37 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 239ක් පමණයි. ඒ අනවු එංගලන්තය එම තරඟයෙන් ලකුණු 242ක ජයක් හිමිකරගත්තේය.