ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්ද පිලේ අර්බුදය උග්‍රවේ – දිනේෂ්,වාසු,විමල්,උදය මහින්ද පිලේ නායක හමුවත් වර්ජනය කරයි.

පුරප්පාඩු වී තිබූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී මහින්ද පිලේ පැහැදිලි දෙකඩ වීමක් දක්නට ලැබින. ඒ සදහා පැවති රහස් ඡන්ද විමසීමේදී ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97ක් ලබා ගනිමින් ජය ගත් අතර සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලැබුනේ ඡන්ද 53ක් පමණි. මීට විරෝදය පල කිරිමක් ලෙස ඊයේ(05) පස්වරුවේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් විසින් වර්ජනය කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට නියෝජ්‍ය කතානායක ධුරය ලැබීම වැළැක්වීමට කටයුතු කල යුතු යයි මහින්ද පිලේ මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී තීරණය කර තිබුණි. මෙම තීරණයට එරෙහිව මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේට පක්‍ෂව ඡන්දය දිය නොහැකි බවයි.

කෙසේ වෙතත් ඡන්ද විමසීමේදී මහින්ද පිලේ 18 දෙනෙකු පමණ  එය මගහැර සභා ඝර්භයෙන් පිටවී ගොස් ඇත.උත්සාහයක් දැරුවේ නම් ජයග‍්‍රහණය කර ගත හැකිව තිබූ අවස්ථාවක් උවමනාවෙන්ම මග හැරියේ යයි චෝදනා කරන අනෙක් පාර්ශවය මහින්ද පිල විසින් ගන්නා ලද තීරණයක් ක‍්‍රියාත්මක නොකරන ලද පලමු අවස්ථාව මෙය යයිද චෝදනා කරති.