එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ජොහාන් පීරිස්
එවරස්ට් කඳු මුඳුන තරණය කිරීමේ දෙවන උත්සාහය සාර්ථක කරමින් ශ්‍රී ලංකාවේ ජොහාන් පීරිස් නේපාල වේලාවෙන් ඊයේ (22) උදෑසන 5.55ට එවරස්ට් තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්ව තිබේ.
ඒ අනුව එවරස්ට් කඳු මුදුණ තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ජොහාන් පීරිස් සමත් වූ අතර මීට පෙර ජයන්ති කුරු උතුම්පාල 2016 වසරේදී එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වීමට සමත් විය.
ජොහාන් පීරිස් ද 2016 වසරේදී එවරස්ට් තරණය කිරීමට සිය පළමු උත්සාහය දියත් කළ අතර කෙසේ වෙතත් කඳු මුදුනට මීටර් 400 ක් තිබියදී සිය ගමන නිමා කිරීමට සිදුවූයේ ඔහුගේ ඔක්සිජන් ටැංකියේ ඔක්සිජන් අවසන් වීම හේතුවෙනි.
ජොහාන් පීරිස් මීට පෙර නේපාලයේ අයිලන් පීක් කන්ද සාර්ථකව තරණය කිරීමට ද සමත් වූ අතර ඒ 2012 වසරේදීය.
