ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

‘ගෝඨා අපේ පුරවැසියෙක් ‘ ඇමරිකාව කියයි – 2020 ජනාධිපති සිහිනය බොදවේ..!

තමන් ඇමරිකානු පුරවැසියෙකු නොවන බව ප්‍රකාශ කරවා ගැනීම සඳහා ‍ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් තීරණය කර ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ගවලින් තහවුරු වේ.

 ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ 19 වන සංශෝධනය යටතේ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ හට ශ්‍රී ලංකාව තුළ කිසිදු මැතිවරණයක් සඳහා තරගකිරීම තහනම් ය. මේ අනුව සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිණිස ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට තරග වැදීමේ අපේක්ෂාවෙනි.

පොදු ජන පෙරමුණ විසින් ඔහු මීළඟ ජනාධිපති අපේක්ෂකයා බව තහවුරු කළ යුතුව තිබුණද, එයට පෙරාතුවම ගෝටා විසින් සිය ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කර තිබෙනුයේ ‘වියත් මග‘ සංවිධානය හරහා ය.

නමුත් ඇමරිකානු ආගමන හා ජාතිකත්වය පිළිබඳ පනත (US Immigration & Nationality Act -INA) යටතේ අන්තර්ගත වන ඇතැම් සුවිශේෂී විධිවිධාන යටතේ ඔහුට මේ වන විට සිය ඇමරිකානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළ නොහැකි බව විශ්වාසනීය අයුරින් හෙළිදරව් කිරීමේ හැකියාව අපට තිබේ.

මේ අතර පසුගියදා ඉදිරියේ ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීමට සුදානම් දැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට හිටපු ඔහු ඊට පිළිතුරු දුන්නේ “තාම නැහැ” යනුවෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති ධුරය භාරගන්නා ලෙස ආරාධනාවක් කළහොත් එය පිළිගන්නේ දැයි විමසු විට ඔහු පැවසුවේ “බැහැනේ මම ඇමරිකානු පුරවැසියෙක් ඉතින් මට අගමැතිකම් භාරගන්න බැහැ,” යනුවෙනි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරීමට නොහැකිය.