ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් යළිත් සමාව ඉල්ලයි.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් යුරෝපා සංගමයේ නීතිවේදීන් ඉදිරියේ යළි සමාව ඉල්ලා තිබෙනවා. කේම්බි්‍රජ් ඇනලටිකා සමාගම විසින් මිලියන 50 කට අධික ෆේස්බුක් පරිශීලකයින්ගේ පෞද්ගලික ගිණුම් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මෙලෙස සමාව ඉල්ලා ඇති බව සඳහන්.

පසුගිය කාලය තුළ මාර්ක් සකර්බර්ග් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව හමුවේ පෙනීසිටි අතර ඔහු එහිදී ද කේම්බි්‍රජ් ඇනලටිකා සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටියා.

2016 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීම සඳහා අදාළ දත්ත යොදා ගත් බවටයි චෝදනා එල්ල වන්නේ.