ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විධායකය අහෝසි කරන කෙටුම්පත අවසන් අදියරේ – අනුර දිසානායක

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි සංශෝධනය කෙටුම්පත් කිරීම අවසන් අදියරේ පවතින බවත් අවසන් කළ වහාම සියලු ආගමික නායකයන්, දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන සමඟ පුළුල් සාකච්ඡාවක් පවත්වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

මන්ත්‍රිවරයා පැවැසුවේ 20 වැනි සංශෝධනය පිළිබඳ විවිධ මත මේ මොහොතේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර එකී මත හා කරුණු ගැන බොහෝ අනවබෝධයන් පවතින බව පෙනෙන්නට තිබෙන බවයි.

කෙසේ වුවත් මෙය රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාවට ගෙන එන සංශෝධනයක් නිසා ඒ ගැන සාධනීය මෙන්ම නිශේධනීය අදහස් ඉදිරිපත් කිරීමට මෙරට පුරවැසියන්ට අයිතියක් තිබෙන බවද ජවිපෙ නායකයා පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ එකී ව්‍යවස්ථා සංශෝධනය ගැන දක්වන අදහස් හා මත කෙරේ අවධානය යොමු කිරීමටද සූදානම් බවය.

(ඉරිදා මව්බිම)