ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රනිල් ‘ප්‍රතිසංවිධාන’ කුට්ටම අනයි – ‘වැඩක් නෑ.. රහක් නෑ..’ එජාප පසුපෙල මන්ත්‍රීන් රත්වෙයි

එජාපයේ මුලික තනතුරු සදහා ඊයේ(25) දිනයේ අගමැතිවරයා විසින් පුද්ගලයින් නම් කරනු ලැබු අතර පක්ෂයට දැනෙන වෙනසක් සිදුනොවීම සම්බන්දයෙන් පසුපෙල මන්ර්‍ත්‍රීවරු සහ තවත් විශාල පිරිසක් මේවනවිට අපේක්ෂාභංගත්වයට පත්ව ඇත. සුපුරුදු පරිදි රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂ නායකයා ලෙස තව දුරටත් කටයුතු කරනු ඇති අතර නියෝජ්‍ය නායක, උප නායක තනතුරුවල කිසිදු වෙනසක් නොකර මෙම ප‍්‍රතිසංවිධානය සිදු කර තිබීම විශේෂත්වයක් වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එජාපයේ ප්‍රධාන තනතුරු සඳහා සාමාජිකයන් නම්කර තිබේ. ඒ අනුව පක්ෂයේ මහලේකම් ධූරයට රනිල් වික්‍රමසිංහගේ සමීපමතයෙකුවූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර ඇත. සභාපති ධූරයට පත්කර ඇත්තේ මීට පෙර ලේකම්ධුරය දැරූ අමාත්‍ය කබීර් හෂිම් මහතායි. ජාතික සංවිධායක ධුරයට නවීන් දිසානායක මහතා පත්කර තිබේ. භාණ්ඩාගාරික තනතුරුට හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබේ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙසට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත්කර ඇති අතර උප නායක ධුරයට පත්කර ඇත්තේ රවී කරුණානායක මහතායි. එවා මීට පෙර පැවති තනතුරුම වන අතර එම පත්කිරීම් පිලිබදව මේ වනවිටත් ඔවුන්ගේ සහ පාක්ෂිකයින්ගේ නොසතුට පලකර තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කමිටු යෝජනා එලි දැක්වීමෙන් පසු රාජ්‍ය ඇමති අජිත් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ ‘කණගාටුව පමණයි’ යනුවෙන් සටහනක් තබා ඇත. ප‍්‍රතිසංවිධානය අවසන් වීමෙන් පසු ඔහු පිටව ගියේද ‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා..’ යැයි පවසමින් දැඩි කලකිරීමෙන් යුතුවය. එක්සත් ජාතික පක්‍ෂය තුල දැවැන්ත ප‍්‍රතිසංවිධානයක් සිදු විය යුතු යයි දැඩි මතවාදී අරගලයක් කල පිරිස් අතර අජිත් පෙරේරා අමාත්ද‍යවරයාද විය.