ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රුපියල ඉතිහාසයේ දරුණුම බාල්දුවීම අද – ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 158 ඉක්මවයි.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල වාර්තා ගත ලෙස ඉහළ යමීන් අද (24) වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 158.173ක් ලෙස සටහන් ව තිබේ. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 158 ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙසද සඳහන්.

දේශපාලන අර්බුදය, විදේශ විනිමය ලංකාවට ගලා නොඑම, විදේශ ආයෝජන නොමැති වීම, ආනයන වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 154.395 ක් ලෙස දැක්වෙයි.