ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘ගෝඨා‘ අත්අඩංගුවට ගැනීම තවදුරටත් අභියාචනාධිකරණය විසින් වලකයි.

පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මැයි 26 වැනිදා දක්වා තවදුරටත්  දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. එහෙත් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ පැවැත්වීමට මෙම තහනම් නියෝගය කිසිඳු බාධාවක් නොමැති බව අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් දුන් අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබද නියෝගය අද ( 5)  ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල මෙසේ තහනම් නියෝගය දීර්ඝ කිරීමට නියම කර තිබේ.ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම් පිළිබඳ විභාගය ජුලි මස දෙවනදා සිදුකරන බවත් අභියාචනාධිකරණය තීන්දුවෙන් සඳහන් කළේය.