ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

එස්.බී , සුසිල් ඇතුළු ශ්‍රිලනිප ඇමතිවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කරයි.

විශ්වාසභංග යෝජනාවේදී අගමැතිට එරෙහිව ජන්දය භාවිතාකල ශ්‍රිලනිප ඇමතිවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කරඇත. තවදුරටත් මේ ආකාරයට යහපාලන ආණ්ඩුව තුල රැදී සිටිය නොහැකි බවත් ශ්‍රිලනිප පාක්ෂිකයින්ගේ බලාපොරොත්තුව වන්නේත් තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ගමනක්යෑම බවත් මෙහිදී අදහස් දැක්වු බහුතරයකගේ අදහසවී ඇත. මේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ඊයේ රාත්‍රීයේදීම ඔවුන් දැනුම්දී ඇතැයි වාර්තාවේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මහින්ද පිල විසින් ගෙන එනු ලැබූ විශ්වාස භංග යොජනාව පරාජය වීමෙන් පසු ඊට පක්ෂව ජන්දය ප්‍රකාශකල ශ්‍රිලනිප ඇමතිවරු පිරිසක් ඊයේ රාත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ රැසිවි මෙම තීරණය ගෙන තිබේ. මෙම අවස්තාවට එස් බී දිසානායක, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි , ඩිලාන් පෙරේරා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් සහභාගී වී ඇතිබව වාර්තාවේ.