“බුදු පහන පොහොට්ටුවට තියපං” මහින්ද පිලේ මැරයින් එජාප මන්ත්‍රීට ගෙදරටම ඇවිත් පහරදෙයි
දැන් මෙහේ රජකරන්නේ පොහොට්ටුවයි සමන්ලාල්ගේ අණයි කියමින් මහින්ද පිලේ මැරයින් පිරිසක් මොරටුව නාගරික මන්ත්‍රී සජිත් දුමින්ද පීරිස් වෙත ඔහුගේ නිවසට පැමිණ පහරදී ඇති බව වාර්තාවේ. අදාළ මන්ත්‍රීවරයාට පහරදීමට පැමිණ තිබෙන්නේ මොරටුව නගර සභාවේ සුළු සේවකයෙකු වන වසන්ත නම් පුද්ගලයකු සහ ඔහුගේ මැර පිරිසකි. එසේම වසන්ත නම් පුද්ගලයා ප්‍රදේශයේ දාමරික ක්‍රියා සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නෙකු බවත් මොරටුව නගරාධිපතිධූරය හෙබවූ සමන්ලාල්ගේ ළඟම හිතවතෙකු බවද වාර්තාවේ.
මෙම සිදුවීමේ වැඩිදුර තොරතුරු වලට අනුව නාගරික මන්ත්‍රී සජිත් දුමින්ද පීරිස් 2018-03-26 වන දින මොරටුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එක්සත් ජාතික පෙරමුණෙන් දිවුරුම්දී ඇත. ඉන් පසු සවස නිවසට පැමිණ ඇති සජිත් දුමින්ද පීරිස් මහතා සුපුරුදු පරිදි බුදු පහන දැල්වීමට මල් පහන් සුදානම් කරද්දී වසන්ත සහ ඔහුගේ පුතා ඇතුළු කණ්ඩායමක් ත්‍රිවිල් කිහිපයකින් නිවස අසළට පැමිණ ගේට්ටුවට ගසා සජිත් මන්ත්‍රීතුමාට කථාකර ඇත.
එහිදී සජිත් මන්ත්‍රීතුමා කියා ඇත්තේ බුදුපහන දල්වා එනකන් පොඩ්ඩක් ඉන්න යැයි කියූ අවස්ථාවේ දී දැන් උඹලාට පහන් පත්තු කරන්න වෙන්නේ බුදුහාමුදුරුවන්ට නොවේ පොහොට්ටුවටයි කියමින්ද, උඹලට වඳින්න වෙන්නේ බුදුන්ට නොවේ මහින්ද මහත්තයාටයි කියමින් ගේට්ටුව ඇරගෙන නිවස තුළට කඩා වදින්න උත්සාහ කළ විට සජිත් නිවසින් එළියට පැමිණි අවස්ථාවේ දී ඔහුට අතින් පයින් වසන්ත ප්‍රමුඛ කණ්ඩායම පහර දී ඇත. එසේම මැර පිරිස මන්ත්‍රීවරයාගේ නිවසේ දොර ජනෙල් වලටද පහර දී අලාභ හානි කර තිබේ.
පහරකෑමට ලක්වීමේදී මන්ත්‍රීවරයාගේ කෑගැසීම ඇසී ඔහුගේ අක්කා වන අනුෂා ලක්මිණි පීරිස් තම මල්ලීව මැරයින්ගෙන් බේරා ගැනීමට උත්සාහ කරන විට ඔවුන් ඇයට ද දරුණු ලෙස පහර දී ඇත. මේ වන විට සජිත් දුමින්ද පීරිස් මන්ත්‍රීවරයා පානදුර රෝහලේ පළමු වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ අක්කා වන අනුෂා ලක්මිණි පීරිස් පානදුර රෝහලේ 03වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් ඇත.
මේ වන විට වසන්ත සහ තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකර ඇත.