ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘කුකුළා’ මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරියක් හංගලා..! සභාව ගුටි කෙලියක් වෙයි.

මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තේරිමට ප‍්‍රථම අද (28) උදෑසන එහි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වී තිබේ.ඇතිවූ තත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇති අතර නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිමට හැටන් කැරලි මර්දන ඒකකය ද කැඳවිමටද පොලීසියට සිදු වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් එම සභාවට තේරිපත් වී ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතු කොටගෙන, ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් අදාළ මන්ත්‍රීවරිය සඟවා ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පලනි දිගම්බරම්ගේ ආධාරකරුවන් විසින් චෝදනා කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

උදෑසන  10.30 මස්කෙළිය අම්බාල් ශාලාවේදී  මෙම ඡන්ද විමසීම පැවැත්වු අතර  එහිදී  ලංකා කමිකරු කොංග‍්‍රසයේ හා ස්වාධීන කණ්ඩායමක සහයෝගය මත සභිකයන් අටදෙනෙකුගෙන් සමන්විත මස්කෙළිය ප‍්‍රාදේශිය සභවේ සභාපතිනිය ලෙස ලංකා කමිකරු කොංග‍්‍රසයේ සෙමිබගවල්ල මහත්මියගේ  නම යෝජනා කෙරිණි.

අනතුරුව   සභාපති ධුරය සඳහා වෙනත් කිසිවකුගේ නම්  ඉදිරිපත් නොවීමෙන්  සෙමිබගවල්ල මහත්මිය සභාපතිනිය ලෙස තේරිපත්  වුවාය. උප සභාපති ලෙස  එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ  පෙරියසාමි ප‍්‍රදිපන් මහතා  පත් විය.

එම පත් කිරීම් සිදු කිරීමත් සමඟ  ඇතිවු ගැටුම්කාරී තත්ත්වය මුල් කරගනිමින්  සභාව දැඩි උණුසම් මුහුණුවරක් ගත්තේය.