ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ ෆේස්බුක් කඩා වැටෙයි

ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය සතිය තුළ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 58ක පාඩුවක් සිදුව ඇති බව ෆේස්බුක් සමාගම පවසනවා. මෙම කඩාවැටීම සමාගමට දැඩි හානියක් බවටයි වාර්තා වන්නේ. සමාජ මාධ්‍ය ජාල හිමි සමාගවල වත්කම් ද  පසුගිය සඳූදා සිට පහළ බැැස ඇති බයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මිලියන 50කට අධික පරිශීලකයින්ගේ දත්ත අනාරක්ෂිතතාව සම්බන්ධයෙන් පසුගිය දා ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ද අයැද සිටියා. ඒ  පරිශීලකයන්ගේ දත්ත ආරක්‍ෂා කිරීමට ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට එල්ල වන චෝදනා පිළිගනිමින්.

විදෙස් මාධ්‍ය පසුගිය දා වාර්තා කළේ පෞද්ගලික සමාගමක් විසින් ෆේස්බුක් හරහා  දේශපාලනඥයින්ගේ හා තවත් පුද්ගලයින් ගේ තොරතුරු ග්‍රහනය කරගෙන ඇති බවටයි.

අදාළ තොරතුරු 2016 වසරේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට උපකාරී වන ලෙස භාවිත කරන්නට ඇති බවට ද මත පළ වුණා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා සෙනෙට් මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙසටයි මාර්ක් සකර්බර්ග්ට දැනුම් දී තිබුණේ.