යතුරුපැදියක් ගසක ගැටී තරුණයන් තිදෙනෙකු මරුට
යතුරුපැදියක් ගසක ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්මලසූරිය පොලිසිය පවසනවා. යතුරුපැදියක් තවත් යතුරුපදියකට ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ. අද (25 ) අළුයම එකට පමණ මේ අනතුර සිදුව ඇති අතර මින් මියගොස් ඇත්තේ දුම්මලසුරිය උඩුබද්දාව මහා අගාර ප්‍රදේශයේ පදිංචිව සිටි බුද්දීමාල් නරසිංහ ( 19 ) , උඩුබද්දාව ,කොළඹ වත්ත පදිංචිව සිටි ඩි.ඇම් . ඩිලාන් සන්චිල ( 19 ) හා උඩුබද්දාව , කැන්ද යාය පදිංචිව සිටි ඉසිරී චන්ද්‍රසිරි ( 18 ) නමැති තරණයන් තිදෙනෙකි .
මේ තිදෙනා උඩුබද්දාව ප්‍රදේශයේ දේවාලයක පැවති මංගල්‍යකට සහභාගී වී ආපසු සිය නිවෙස් වෙත යමින් සිටියදී මේ අනතුරට මුහුණ පා තිබේ. අනතුරට පත් යතුරු පැදිය අධික වේගයෙන් ගමන් කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

