ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

ඇෆ්ගනිස්ථානය 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ, අදාළ තරගාවලියට සුදුසකම් ලබා ගැනීමේ තරග වටය යටතේ අයර්ලන්තය සමග ඊයේ පැවැති තරගයෙන් කඩුලු‍ 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සිම්බාබ්වේ හි හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු‍ 7ක් දැවී ලකුණු 209 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 5ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඔවුන්ට අමතරව ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ අනෙක් රට වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.