ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හදිසි නීතිය ඉවතට

හදිසි නීතිය ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබෙනවා. ජපාන නිල සංචාරය අවසන් කර දිවයිනට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බව සඳහන්.

මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහායි පසුගිය 6 වනදා සිට දින 10 කාලයක් සඳහා හදිසි නීතිය පනවනු ලැබුවේ.

කෙසේ වෙතත් දිවයිනේ මේ වන විට පවතින මහජන ආරක්ෂාව පිළිබඳ තත්ත්වය තක්සේරු කිරීමෙන් අනතුරුව හදිසි නීතිය ඉවත් කිරීම  සඳහා තමා උපදෙස් දුන් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ.