ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

නිදහස් කුසලානය ඉන්දියාවට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  ඊයේ (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.

තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ දිනේෂ් කාර්තික් ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විස්සයි-20 තරගාවලියේ කුසලානය ඉන්දියාවට දිනා දුන්නේය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ලකුණු 56 ක් රැස් කළ අතර මනීෂ් පාන්ඩේ ලකුණු 28 ක් රැස් කළ අතර අවසන් මොහත දක්වා සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ දිනේෂ් කාර්තික් ලකුණු 29 ක් ලබා ගනීමට සමත් විය.

බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166 යි.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 168 යි