ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

සමාජ ජාල අවහිර කිරීම බරපතල මාධ්‍ය මර්දනයක පෙරනිමිත්තක්

රට තුළ පැවැති නොසන්සුන් වාතාවරණය පාලනය කිරීම පිණිස ගත් පියවරක් වශයෙන් සාමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීම සහ අන්තර්ජාල වේගය බාල කිරිම තමන් දැඩි සේ හෙලා දකින බව මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව සහ නිදහස් මාධ්‍ය සංධානය පවසයි.

ජාතිවාදය සහ ආගම්වාදය වපුරන සුළුතරයකගේ සහ සංවිධානාත්මක කල්ලි කිහිපයකගේ ක්‍රියා කලාපයන් මත සමස්ත සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කරන්නවුන්ගේ නිදහස් අදහස් හා මතවාද ප්‍රකාශ කිරීමේ සහ හුවමාරු කර ගැනීමේ අයිතිය අහිමි කිරීම බරපතල වරදකැයි ඔවුහු කියති.

එමෙන්ම මාධ්‍ය නිදහසට බරපතල තර්ජන එල්ල වූ මහින්ද රාජපක්ෂ යුගයේ වත් මෙවනි ජන විරෝධී මර්දන කාරී ක්‍රියා සිදු නොවූ බව පවසන එම සංවිධාන මෙම නරක පුර්වාදර්ශය ඇතැම් විට ඉදිරියේදී මීට වඩා බරපතල ලෙස ක්‍රියාවට නැංවෙන මාධ්‍ය මර්ධනයක අනතුරු ඇඟවීමක් විය හැකි බවද එම සංවිධාන පෙන්වා දෙයි.