ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

චන්දිමාල්ට තරඟ දෙකක තහනමක් – T20 නායකත්වය තිසරට.

T20 කණ්ඩායමේ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට තරඟ දෙකක් තහනම් වීම හේතුවෙන් T20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා වෙත ලබා දී තිබේ.

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයේ ශ්‍රී ලංකාවේ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ඉදිරි තරඟ දෙක සඳහා තහනමක් පනවා තිබේ.චන්දිමාල් තහනමකට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (12 වැනිදා) පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කර ඇත.

නියමිත ඕවර 20 යැවීම සඳහා දෙන ලද කාලය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම යවා තිබුණේ ඕවර 16 ක් පමණි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග මුදලින් 60% ක දඩයක් පනවන ලද අතර නායකයා වූ හෙයින් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පනවන ලදි. මේ හේතුවෙන් චන්දිමාල්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය (12 වැනිදා) මෙන්ම සිකුරාදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයද මඟහැරී යනු ඇත.

ශ්‍රී ලංකා නායකයාට පමණක් නොව බංග්ලාදේශ නායක මහමදුල්ලා රියාද් සහ බංග්ලාදේශ කණ්ඩායමද දඩ මුදලකට යටත්ව සිටිති. නියමිත කාලය ඇතුළතදී යැවිය යුතු ඕවර 20 න් එකක් අඩුව යැවීම හේතුවෙන් මහමදුල්ලාගේ තරග මුදලින් 20% ක දඩයක් නියම කළ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා බංග්ලාදේශ කණ්ඩායමට ඔවුන්ගේ තරග මුදලින් 10% ක දඩමුදලක් නියම කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනය අනුව ඉදිරි මාස 12 ක කාලය චන්දිමාල්ට අසීරු කාලයකි. චන්දිමාල් නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉදිරි මාස 12 ක කාලය ඇතුළත මෙවැනිම වරදකට යොමු වුවහොත් ඔහුට දඩ ලකුණු 2 සිට 8 දක්වා ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවනු ඇත. චන්දිමාල්ට දැනටමත් තරග දෙකක් තහනම් වී ඇත්තේ දඩ ලකුණු 2 කට මුහුණ දී ඇති බැවිනි.