NewsSlider මහනුවරින් පෙට්‍රල් බෝම්බ 12 ක් සොයා ගැනෙයි March 9, 2018 Kamal Dhammika මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් අද (09) අලුයම සොයාගත් බව පොලීසිය කියයි. යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමේ අරමුණින් මෙම පෙට්‍රල් බෝම්බ රැගෙන විත් සඟවා තබන්නට ඇතැයිද පොලිසිය සැක පළ කරයි. එසේම මෙය කවුරුන් විසින් සිදු කළේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත. මේ අතර ඊයේ (08) වැනිදා ද මේ අයුරින්ම පේරාදෙණිය , ප්‍රගති මාවතේ මාර්ගයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. Post Views: 280 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print