ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රවීගෙන් පැය 4 ක් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි!

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව ඊයේ (27) පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම හෙළිකළ කරුණු සම්බන්ධයෙන ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන්ට අයත් සමාගමකින් ගෙවන ලද නිවාස බදු මුදල් සම්බන්ධයෙන් අල්ලස් පනත හෝ වෙනත් නීතියක් යටතේ කටයුතු කළ හැකි බවට බැඳුම්කර සිද්ධිය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් දක්වා තිබුණි.

ඒ සම්බන්ධයෙන්පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ ස්ථාවරය විමසීම සඳහා අදාළ කැඳවීම සිදුකර තිබූ බවයි අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.