ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තාජුඩීන් භාවිතාකල පරිගනකවල දත්ත සම්බන්ධ වාර්තාවක් අධිකරණය ඉල්ලයි.

රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් විසින් භාවිතා කරන ලද ලැප්ටොප් පරිගනක දෙකේ සහ ඩෙක්ස්ටොප් පරිගණකයේ ඇති දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පිළිබද පරීක්ෂකවරයා වෙත අද (28) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (28) අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී ඝාතනය සම්බන්ධයෙන් සාක්කි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඉකුත් මැයි 5 වැනි දා ඇප මත මුදාහැරුණු බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චම්පික පෙරේරා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන මහත්වරුන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.