ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රනිල්ගේ ‘ආර්ථික කළමනාකරණ කමිටුව’ මෛත්‍රී අහෝසි කරයි..!

රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වු ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර තිබේ. ජනාධිපතිවරයා ගෙන ඇති එම තීරණයට අනුව රටේ ආර්ථික කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන ජාතික ආර්ථික සභාවට පැවරේ.

රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කෙරුණු ආර්ථික කළමනාකරණ කමිටුව අගමැති ආර්ථික උපදේශකයන් වන චරිත රත්වත්ත, ආර්. පාස්‌කරලිංගම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්. එස්‌. එච්. සමරතුංග, අගමැති ලේකම් සමන් ඒකනායක, ඇමැතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මලික්‌ සමරවික්‍රම යන මහත්වරුද ඇතුළත් වූහ.

මින් ඉදිරියට රටේ ආර්ථිකයට බලපාන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීම ජාතික ආර්ථික සභාවට පවරන බවත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කාගේ හෝ අකමැත්තක්‌ වේදැයි ජනාධිපතිවරයා ඇමැතිවරුන් ගෙන් විමසා ඇති අතර එහිදී ඇමැතිවරුන් කිසිවෙකු ඊට විරෝධතාවය පළකර නැති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.