ලලිත් වීරතුංග විදේශගතවීමට අවසර ඉල්ලා ගොනුකල පෙත්සම 2 වැනි දා
කටාරයේ සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයට අවසර ඉල්ලා කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ලබන 2 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කළේය.
ලලිත් වීරතුංග මහතා ගොනු කළ එම ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැදවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ තිබේ.