නීතිය හා සාමය ෆොන්සේකාට දීමට ශ‍්‍රීලනිපයේ විරෝධය – කැබිනට් සංශෝධනයේ අවුල තවදුරටත්.
ඇමති ෆීලර්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය බාර දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇති නමුත් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් රැසක් එම යෝජනාවට විරෝධය පල කර ඇති බව වාර්තා වෙයි. කැබිනට් සංශෝධනයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුව 22 වනදා සවස ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරනවා.
යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීම හෝ වෙනත් විෂයන් පැවරීම සිදු කල යුතු යයි ශ්‍රිලනිපය ප්‍රමුඛ ජනාධිපතිවරයාගේ පාර්ශයයෙන් යෝජනා වී ඇත.
ලක්‍ෂමන් කිරිඇල්ල, අර්ජුන රණතුංග, මංගල සමරවීර, සාගල රත්නායක, අකිල විරාජ් යන ඇමතිවරුන්ගේ අමාත්‍යංශ වෙනස් විය යුතු බවත් ජෝන් අමරතුංග, මලික් සමරවික‍්‍රම යන ඇමතිවරුන්ගේ ඇමති ධුර වෙනස් වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුබවද ඔවුන්ගේ මතයයි.අධ්‍යාපන ඇමති ධුරයෙන් අකිල විරාජ් කාරියවසම් ඉවත් කල යුතු බව දන්වා ඇත්තේ ඔහුට වඩා උගත් හා ජ්‍යේෂ්ඨයෙන් ඒ සදහා පත් කල යුතුය යන අදහසිනි.