සෑම විනාඩියකදීම බිළිඳුන් පස් දෙනෙකු මිය යනවා – යුනිසෙෆ්
ලොව පුරා සෑම විනාඩියකදීම නව බිළිදුන් 05 දෙනෙකු මිය යන බව ජාත්‍යන්තර යුනිසෙෆ් ආයතනය පවසනවා. නව දරු උපත් සම්බන්දයෙන් වාර්තාවක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ සංවර්ධිත රටක් වන අමෙරිකාව බිලිදු මරණ අනුපාතය සැසදීමේදි ශ්‍රී ලංකාවට සාපෙක්ෂව සුලු වෙනසක් පමණක් ඇති බවයි.
අමෙරිකාව තුල සෑම දරු උපත් දහසකට බිළිදු මරණ 4 ක් වන සිදුවන අතර එය ශ්‍රි ලංකාවේ 5 ක් වනවා. සෑම වර්ෂයකදිම ලොවපුරා නව බිළිදුන් මිලියන 2 යි දශම 6 ක් මියයන බවයි එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ. ඉන් සියයට 80 ක් වළක්වා ගත හැකි මරණ වන බව සඳහන්. බිලිදු දරුවන්ට වඩා සුරක්ෂිත රටවල් ලෙස නම් කර ඇත්තේ ජපානය සිංගප්පූරුව සහ අයිස්ලන්තයයි. ඉහල ආදායම් ලබන රටවල අලූත උපන් බිළිඳු මරණ අනුපාතය උපත් දහසකට මරණ තුනක් වනවා.