ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලසන්ත ඝාතනය: අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට හිටපු පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්දයෙන් තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. ලසන්තගේ ඝාතනයෙන් පසු එහි පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදුනොකොට එම ඝාතනයට වගකියයුතු පුද්ගලයින් ආරක්ෂා කිරීමට එවකට පොලිසියේ ඉහල නිලධාරීන් කටයුතු කරඇතිබව තහවුරුවී තිබේ.

 මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කොට ඇත. ඔවුන් සියලු දෙනා වෙනුවෙන් නීතිපතිවරයා අද සිය විරෝධතාවයන් අධිකරණය හමුවේ ගොනු කර ඇත.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට චෝදනා එල්ල වී තිබුණු අතර ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත්තේ එම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමිනි. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව යටතේ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා පසුගියදා අත් අඩංගුවට ගැණුනු අතර ඔහුව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.