ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අර්බුද විසඳන්න ඉක්මනින් ක‍්‍රියා කළ යුතුයි-අගරදගුරු හිමියන්

දේශපාලන කුලල් කා ගැනීම් නතර කර රටත් ජනතාවත් ගැන සිතා කටයුතු කරන ලෙසට තමන් සියලූම දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් වහන්සේ  ඊයේ(19)  කොළඹදී පැවසූහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පල කළේය. මෙහිදි මත්ද‍්‍රව්‍යවලින් තරුණ පරපුර ආරක්ෂා කරගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතු බව ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේය.
‘‘ බලය සඳහා පිල් වලට බෙදිලා දේශපාලන කුලල් කා ගැනීම්  ආරවුල් ඇති කර ගැනීම් නතර කරලා සියලූම දේශපාලන  නායකයින් මේ රට ගැන හිතලා, රටේ ජනතාව  ගැන හිතලා මේ දේශපාලන අර්බුදය විසදගන්න කටයුතු  කරගන්න කියලයි අපිට කියන්න තියෙන්නේ.

මල්වත්තේ  මහනායක ස්වාමීන් වහන්සේත් මේ ඉල්ලීම ඉතාමත්ම  පැහැදිලිව මේ ඉල්ලීම කළා.  අපිටත්  කියන්න තියෙන්නේ කුලල් කා ගන්නේ නැතුව සියලූම දෙනා එකතු වෙලා මේ රටට තියෙන  ආදරය පලවෙනි තැනට  දාලා මේ රට ආරක්ෂා කරගෙන රට දියුනු කිරීමට කටයුතු කරන්න.

ජනාධිපතිතුමාගේ  ධුරයේ මුල්  අවුරුදු ගනන අවසන් වුනත් තව අවුරුදු කහිපයක්ම  තියෙනවා එතුමන්ට මේ රට පාලනය කරන්න. ඒ නිසා ජනාධිපතිතුමා එක්ක එකු තුවෙලා මේ ප‍්‍රශ්ණය විසදගන්න.  ඒ වගේම සියලූම පක්ෂ  සාධාරනව කටයුතු කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.