ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොහොට්ටුවේ අපේක්ෂයාගේ ලී මෝලෙන් ලක්ෂ 1 ½ දැව තොගයක් අත්අඩංගුවට

වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයෙකුට අයත් බව කියන ලී මෝලක තිබී රුපියල් ලක්ෂ 1 ½ ක් පමණ වටිනා දැව තොගයක් හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) දිනයේ දහවල් මෙම වැටලීම සිදු කර ඇත.

ලුණුවිල – කිරිමැටියාන ප්‍රදේශයේ මෙම මෝල පවත්වා ගෙන ගොස් ඇති අතර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයාට අයත් ලී මෝලක් සහ ඔහුගේ මවට අයත් ලී මෝලක් එකම ඉඩමක පවත්වා ගෙන ගොස් ඇත.

අත්අඩංගුවට ගෙන ඇති දැව තොගය අතර මැහෝගනී දැව කඳන් 18 ක්, තේක්ක දැව කඳන් 04 ක්,හල්මිල්ල දැව කඳන් 05 ක් සහ තේක්ක දැව කඳන් 08 ක් තිබී ඇත. හලාවත අඩවි වන නිලධාරී චමිත විජේතිලක,වෙන්නප්පුව බීට්ටු වන නිලධාරී ගංගොඩවිල යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.