ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්දගේ නිල මාධ්‍ය නාලිකාව UNP වෙයි

මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ නිළ මාධ්‍ය නාලිකාව වූයේ දෙරණ නාලිකාවයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ දූෂිත ගනුදෙනු රැසකට දෙරණ නාලිකාවේ හිමිකරු සම්බන්ධ බවට වාර්තා පළවිය. බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයටද ඔහු පිළිබදව පැමිණිලි ලැබී තිබිණ.

කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපෘතිය දෙරණ නාලිකාවේ හිමිකරුට අයත් ප‍්‍රචාරණ ආයතනයක් විසින් භාරගැනීමත් සමග රාජපක්ෂ කණ්ඩායමට ඔහු පිළිබදව වෛරයක් හට ගෙන තිබේ. එය ප‍්‍රසිද්ධියේ බැනවැදීමක් දක්වා වර්ධනය වී තිබෙන බව මොනවට පැහැදිලිවන ප‍්‍රකාශයක් මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ සිටින අනෙකුත් දේශපාලනඥයින්ට මඩ ගැසීමට යොදා ගන්නා පුද්ගලයා වන විමල් වීරවංශගෙන් නිකුත් වී තිබේ.

ඉහත කී මාධ්‍ය හිමිකරුවා විසින් මේ වනවිට අර්ජුන් ඇලෝසියස්ට අයත්ව තිබූ ‘බැදුම්කර පත්තරේ’ නමි අන්වර්ත නාමයෙන් හදුන්වන ජනයුගය පුවත්පතද මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගනුදෙනුවද ඉහත පුද්ගලයා එක්සත් ජාතික පක්ෂය සමග ඉතාම සමීපව ගනුදෙනු කරන බවට හොදම උදාහරණයකි.