ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බැඳුම්කර කොමිසමේ සහ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තා අද පාර්ලිමේන්තුවේ සභාගත කරයි

මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව අද(23) දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතව තිබේ. අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව අදාළ වාර්තා සභාගත කිරීමට නියමිත බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ(22) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත් විය.කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමේ දී බැඳුම්කර කොමිෂන් වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන වාර්තාව පිළිබඳ විවාදය පවත්වන දිනය පිළිබඳ සාකච්ඡා වී තිබේ. කෙසේ වෙතත් හෙට දිනයේ දී යළි පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
පෙබරවාරි මස 10 වන දිනට පෙර අදාළ කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් විවාදය පැවැත්විය යුතු බවට විපක්ෂය වශයෙන් යෝජනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජිත හේරත් මහතා සඳහන් කළේය.
මේ අතර හෙට(24) දිනයේ බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව මෙම කොමිසම මගින් වැරදිකරුවෙකු ලෙස නම්කොට නඩුපැවරීමට නිර්දේශකරඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේය.