රවී – අර්ජුන් අත්සන් තැබූ මුදල් නෝට්ටු අවලංගු කලයුතුයි
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා සහ හිටපු මුදල් අමාත්‍යවරයා අත්සන් තැබූ මුදල් නෝට්ටු නිවැරදි නීතිමය ක්‍රියාමාර්ගයක් යටතේ අවලංගු විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ පේරාදෙනිය – කිරිබත්කුඹුර නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.
මේ අතර පසුගියදා පැවති ජන හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව, මෙවර ඡන්දයේදී එජාපයට ඍජු බලපෑමක් එල්ල කරන බවයි.
බැඳුම්කර වංචාව රට පුරා හෙළිදරව් වීමත් සමඟ පිරිසුදු යැයි කියාගත් එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය කවරක්දැයි මුළුමනින්ම ඔප්පු වූ බව ලාල්කාන්ත මහතා පෙන්වා දෙයි.
පසුගිය ජනවාරි අට වැනිදා සහ අගෝස්තු දාහත් වැනිදා මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් බලයට පත් කළ උගත්, ප්‍රබුද්ධ ඡන්දදායකයා බලාපොරොත්තු වූ වෙනස එජාපය විසින් සම්පූර්ණයෙන්ම කණපිට පෙරළා ඇති බවත් ඒ හේතුවෙන් එජාපය සිටි තැනිනුත් පහළට ඇද වැටීම නොවැළැක්විය හැකි බවත් ලාල්කාන්ත මහතා පැවසී ය.
මේ වන විට ආණ්ඩුවේ නායකයන් එක්ව සිදු කරන්නේ තමන්ගේ ගිණුමට වාසි වන පරිදි හොරකම් කිරීම පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.