ආයතන 248කට නාම යෝජනා භාරගැනීම අදින් අවසන්
පළාත් පාලන ආයතන 248කට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද දහවල් 12.00න් අවසන් වීමට නියමිතව තිබේ. මෙම පළාත් පාලන ආයතන වල නාමයෝජනා භාරගැනීම පසුගිය 18 වනදා ආරම්භ වූ අතර මේ වන විටත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් නාමයෝජනා බාරදී අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනය වන අද දින තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසීය පවසයි. පෙළපාලි සහ පෙරහැර පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
මේ අතර නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව පැය 02ක කාලයක් විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව හිමිවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා සඳහන් කළේය.