ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

බැඳුම්කර කොමිසමට තවත් සාක්ෂිකරුවන් 20ක් – ඒ අතර අගමැතිගේ නමත්

ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාක්‌ෂි විභාගය යළි නොවැම්බර් 02 වැනිදා සිට ආරම්භ කිරීමට එම කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ අනුව තවත් සාක්‌ෂිකරුවන් කිහිප දෙනෙකුගෙන් නොවැම්බර් 2 දා සිට සාක්‌ෂි විමසීමට ජනාධිපති බැඳුම්කර කොමිසම සැලසුම් කර තිබේ.

රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිසමට ලබා දී තිබූ සාක්‌ෂිකරුවන් 20 දෙනෙකුගේ ලැයිස්‌තුවෙන් මෙසේ සාක්‌ෂිකරුවන් කැඳවනු ඇතැයි වාර්තා වේ. එහි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නමද තිබෙන බව ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පසුගිය ඔක්‌තෝබර් 17 දා කොමිසමට පවසා තිබිණි.

පසුගිය ඔක්‌තෝම්බර් 17 වැනිදා කොමිසමේ සාක්‌ෂි විභාග කටයුතු අවසන් වූ අතර, එහෙත් අත්‍යවශ්‍ය සාක්‌ෂි තිබුණහොත් ඒවා ඉදිරියේදී විභාග කරන බව එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ප්‍රකාශ කර තිබේ.