Facebook සමාගම “Explore Feed” හකුළා ගන්නා ලකුණු.
මේ වන විට Facebook Explore Feed නිසා මුහුනුපොතේ සැරිසරන බොහෝ දෙනෙක් ගැටලුවලට මුහුණ දී තිබෙන බව නොරහසක්. එම නිසා ලංකාවෙ ෆේස්බුක් පිටුවලට ලොකු ගැටළුවක් ඇතිවෙයි කියලා බොහෝ දෙනෙක් කතා වුණත් මේ දිනවල අඩු වැඩි වශයෙන් ගොඩක් දෙනා මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා.
ෆේස්බුක් මගින් නිකුත්කල මෙම යාවත්කාලීන කිරීම නිසා සාමාන්‍ය News Feed එක තුල Facebook pages මගින් දමන පොස්ට් දර්ශනය වීම කර ඒ සඳහා වෙනමම Facebook Explore Feed හඳුන්වා දී තිබුනා.
මෙම Facebook Explore Feed යාවත්කාලීන කිරීමට ලොව පුරා සිටින Facebook සාමාජිකයන්ට මුහුණ දීමට සිදුවුනත් ලංකාව ඇතුළු තවත් රටවල් 05 ට මෙම යාවත්කාලීන කිරීම වෙනස් විදියට සිදුකර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව, සර්බියාව, බොලීවියාව, ගෝතමාලාව, කාම්බෝජියාව සහ ස්ලොවේකියා යන රටවල් වලට Facebook pages මගින් දමන පොස්ට් සියල්ලම Explore Feed හි පමණක් පෙන්වනු ලබනවා.
අනෙකුත් රටවල් වලටද ඔවුන් like කර ඇති pages සහ ඔවුන්ට සුදුසුයැයි අනුමාන කරන පොස්ට් Explore Feed එක තුල පෙන්වනු ලැබුවද ඔවුන්ට සුදුසු යැයි අනුමාන කරන සහ ඔවුන් link කර ඇති pagesවලට අදාල ඉතා ජනප්‍රිය සහ ගුණාත්මක පොස්ට් සාමාන්‍ය News feed එක තුල පෙන්වනු ලබනවා.
කෙසේ නමුත් මෙය තවමත් පර්යේෂණ තත්වයේ පවතින නිසා ඉදිරියේදී තවත් වෙනස්කම් වලට මුහුණදෙන්න පුළුවන් කියලා අනුමාන කරනවා.
මේ පිළිබඳව ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ජාලා බොහෝමයක් මෙන්ම ලෝක ප්‍රකට පුද්ගලයන් රැසක් ෆේස්බුක් සමාගමට සිය අප්‍රසාදය පලකර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපය තුළ ෆේස්බුක් හී රීච් එක අඩුවී ඇති ආකාරය ඒ අනුව පෙන්වා දෙන්නට ද මාධ්‍ය ජාල කටයුතු කර තිබෙනවා.
මුල්දී පැවතී reach එක ලබාගැනීමට නම් ෆේස්බුක් පිටුවලට අධික ලෙස මුදල් යෙදවීමට සිදු වීම හේතුවෙන්, බොහෝ ෆේස්බුක් පිටු ඔවුන්ගේ පිටු වසා දැමීමට පවා කටයුතු කර තිබෙන බැවින්, ෆේස්බුක් වලට ප්‍රධාන අදායම් මාර්ගයක් ගෙන දෙන ෆේස්බුක් පිටු මෙසේ වැසියාම ලොකු ගැටලුවක් බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි.
මෙය තවමත් පරීක්ෂණයක් බවත්, මෙම පරීක්ෂණය අවසාන වන දිනය තවමත් ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
මිට අමතරව මෙම අලුත් update එක ඇති කිරීමෙන් පසු, එදිනෙදා තම ගිණුමේ සිටි යහළුවන්ගේ post ද සමහර අයට නොපෙන්වන බවටද, මිට අමතරව තමන් like කර ඇති පිටුවල post, explore feed එකේ නොපෙන්වන බවත් සඳහන් කරමින් බොහෝ පැමිණිලි ලැබී ඇති බවටද ඔවුන් සඳහන් කරයි.
මෙම Update එක එය Global update එකක් නොවන අතර, එහි කිසිදු සැලසුමක් නොමැති බවත්, ඉදිරි මාස කිහිපයේදී මෙහි ඇති බලපෑම හා සාර්ථකත්වය සොයා බලා මෙය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරම ගැන අවසන් තීරණයට එළඹෙන බව ෆේස්බුක් ආයතනයේ News Feed පිලිබඳ ප්‍රධානී Adam Mosseri මහතා සඳහන් කරයි.
