ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සන්නස්ගල ඉවතට හිරුනිකා රත්මලානට ..!

එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසනයේ සංවිධායක ලෙස කටයුතු කල උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඉවත්කර නව සංවිධායකවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත්කොට තිබේ. හිරුණිකා මන්ත්‍රීවරිය ඊයේ (18) සිය පත්වීම එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබාගෙන ඇත.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පසුගිය මැතිවරණයේදී එක්සතු ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගකර පාර්ලිමේන්තුවට තේරිපත්විය.