තාජුඩීන් ඝාතන නඩුව: ආනන්ද සමරසේකරගෙන් නැවතත් ඇප අයැදුමක්
රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩීන්ගේ මරණයට අදාළව පැවැත් වු පශ්චාත් මරණ පරික්ෂණය සම්බන්ධයෙන් විටින් විට මරණ පරික්ෂණ වාර්තා තුනක් අධිකරණය වෙත ඉදිරිපත් කෙළේ යැයි පවසමින් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය හමුවේ ඊයේ (17) ගොනු කෙළේය.
අධිකරණ නියෝග මත මළසිරුර ගොඩ ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකොන් මහතා සිදු කරනු ලැබු පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් කරුණු ම තමන් සිදු කරන බව මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් වන බවත් අසත්‍ය චෝදනා මත තමන් අත්අඩංගුවට ගැනිමේ සුදානමක් ඇති බව සඳහන් කරමින් මහාචාර්යවරයා මෙම ඇප අයැදුම් පත්‍රය අධිකරණය වෙත ඉදිරිපත් කැර තිබිණ.
නො .41,ඥානරතන මාවත,පැපිලියාන,බොරලැස්ගමුව පදිංචි මහාචාර්ය සමරසේකර මහතා නීතිඥ තමිලා දිනුෂි පෙරේරා මහත්මිය වග උත්තරකරු ලෙස රහස් පොලිසියේ මිනිමැරුම් අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කරමින් මෙම අයැදුම් පත්‍රය 1997 අංක 30 දරණ ඇප පනතේ 21 වගන්ති ප්‍රකාරව අධිකරණය වෙත ගොනු කැර තිබිණ.
වර්ෂ 2013 ජුනි 3 වැනි දින තෙක් තමන් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලෙස අඛන්ඩව වසර 30ක් සේවය කළ බවත් වර්ෂ 2012 /5/17 වන දින පිළිස්සුණු මලසිරුරක් විෂවේදය හා නීති ආයතනය වෙත ඉදිරිපත් කර තිබු බව පවසන මහාචාර්යවරයා අතිරේක වෛද්‍යවරු දෙදෙනෙකු යටතේ මරණ පරික්ෂණය සිදු කළ බව පවසා ඇත.
වැඩිදුර පරික්ෂණ සඳහා ශරිර කොටස් තබා ගත් බවත් එම සාම්පල රසායානාගාරය වෙත යොමු කැර අස්ථි කොටස් අධිශිතකරණයේ තබන ලෙසට උපදෙස් දුන් බව සඳහන්ය.
වර්ෂ 2013/4/9 වන දින අතුරු පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බවත් වර්ෂ 2013/7/5 මීට අදාල පශ්චාත් මරණ පරික්ෂණයට අදාළ තින්දුව ප්‍රකාශ කළ බවට සඳහන්ය. වර්ෂ 2015/7/29 වන දින අධිකරණ නියෝග මත මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අතිරේක මරණ පරික්ෂණ වාර්තාවක් 2015/9/9 අධිකරණයට ඉදිරිපත් කර තිබේ.