ශ්‍රී ලංකාව කඩුලු 5ක් අතැතිව ලකුණු 254ක් ඉදිරියෙන්
update
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැත්වෙන දිවා-රාත්‍රි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරනවිට කඩුලු 5ක් දැවී ලකුණු 34ක් ලබා සිටියේය.
ලකුණු 220 පළමු ඉනිමේ වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරැඹු ශ්‍රී ලංකාව ඒ අනුව කඩුලු 5ක් අතැතිව පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 254ක් පසුපසින් සිටී. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 482ක් රැස්කළ අතර පාකිස්තානයට පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 262ක් පමණි.
කුසල් මෙන්ඩිස් ලකුණු 8ක් ලබා නොදැවී කඩුල්ලේ රැදි සිටී.
දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාවට දැඩී පීඩනයක් එල්ල කළ පාකිස්තාන පන්දු යවන්නෝ පිතිකරුවන් 5දෙනකු ලකුණු 34ක් තුළ දවා ගැනීමට සමත් වූහ.
ලකුණු 3ක් වෙද්දී ශ්‍රී ලංකාවට පළමු කඩුල්ල අහිමි කිරීමට මොහොමඩ් අබ්බාස් සමත් විය. දිගින් දිගටම අසාර්ථක වූ කෞෂාල් සිල්වාට ඊයේ රැස්කරගත හැකිවූයේ ලකුණු 3ක් පමණි. ඔහු කඩුලු රකින ක්‍රීඩක සර්ෆ්රාස් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
අනතුරුව ක්‍රියාත්මක වූ වහබ් රියාස් ලකුණු 4ක් තුළ ශ්‍රී ලංකා පළමු ඉනිමේ සාර්ථක පිතිකරුවා වූ දිමුත් කරුණාරත්න ලකුණු 7කටත්, සධීර සමරවික්‍රම ලකුණු 13කටත් යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. කරුණාරත්න පළමු ඉනිමේ දී මෙන්ම රියාස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර සමරවික්‍රම, සර්ෆ්රාස් අහමඩ් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය.
සිවුවැනි කඩුල්ලට පිටියට පිවිසි සුරංග ලක්මාල් (1) යසීර් ෂාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවනවිට මුළු ලකුණු සංඛ්‍යාව 33කි. තවත් ලකුණක් එක්වෙද්දී නායක දිනේෂ් චන්දිමාල්ද ලකුණු ලබාගැනීමට පෙර දැවී ගියේ වහබ් රියාස් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමෙනි. ඒ සමග තෙවැනි දිනයට තරගය නතර කෙරිණි.
පකිස්ථාන පළමු ඉනිම ලකුණු 262කට සීමා වෙයි