සාරි පොටෙන් අධ්‍යාපන ලේකම්ගේ ගෙලසිරවේ – මහ ඇමැති සරත් ඒකනායක නිදොස්වෙයි.
ගිනස් වාර්තා තැබූ මංගල උත්සවයක මනමාලියගේ සාරිපොට උස්සා ගැනීමට පාසල් සිසුන් යෙදවීමේ චෝදනාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අද පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළාය. පාසල් සිසුන් එම කටයුත්තට යොමු කිරීමේ වගකීම මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගත යුතු බව ද ආණ්ඩුකාරවරිය මෙහිදී පැවසීහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ දී එම රැස්වීම කැඳවා තිබිණි.ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මනාලියක් පසුගිය 21දා මහනුවර ගන්නෝරුවේ දී ලොරියක පටවා තිබූ ඔසරි පොට ලොරිය තුළ සිට දිග හරිනු ලැබූ අතර එය මාර්ගය එක පෙළට රැස්ව සිටි පාසැල් සිසුවියන් 250 දෙනෙක් පමණ අල්ලා ගෙන සිටියහ. මෙලෙස මංගල උත්සවයක මනමාලියගේ සාරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම කිසිසේත් නොගැලපෙන, වැරදි ක්‍රියාවක් බවට අංශ ගනනාවකින් විවේචන එල්ලවිය.