20 සම්මත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය හරස්වෙයි – පලාත්සභා ජන්දය දෙසැම්බර් 09.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක බලයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ඇති බවට නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු පෙත්සම් 13ක විභාගය පසුගිය සැප්තැම්බර් 6 වනදා ආරම්භ වූ අතර තීන්දුව සැප්තැම්බර් 19 වන්දා ලබා දෙනු ඇතැයි පැවසේ.
කෙසේවෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයක් පැවැත්වීමට නියෝග කළහොත් ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුව මේ මොහොතේ කොහෙත්ම මැතිවරණයට පිවිසීමට දක්වන නොකැමැත්ත නිසා මෙම නව තත්වයත් සමග බරපතල අර්බුදයකට ආණ්ඩුව මුහුණපා සිටී.
නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව යන පළාත් සභාවල නිල කාලය එළෙඹෙන ඔක්තොම්බර් 02 දින අවසන් වන අතර ඒ අනුව එම පලාත්සභා වල මැතිවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට බොහෝදුරට ඉඩඇති බව මැතිවරණ කොමිසම පවසයි.